හෙලිකොප්ටරය අත හැර ගස් වවන්නට ගිය පොලිසියේ තුන් දෙනෙකුට ස්ථාන මාරු

රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවති රුක් රෝපණ උත්සවයකට ආරාධිත අමුත්තෙක් රැගෙන ආ පෞද්ගලික හෙලිකොප්ටරයක ආරක්ෂාවට යොදවා සිටි රාජාංගනය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතිබව වාර්තාවේ.

මෙම නිළධාරීන් තිදෙනා හෙලිකොප්ටරයේ ආරක්ෂාව අමතක කර පැළ සිටවීමට සහභාගී වීම හේතුවෙන් මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කර තිබූ මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටි අතර, සංවිධායකයන් විසින් හෙලිකොප්ටරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට වැඩසටහනට සහභාගි වන ලෙස ආරාධනා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම අවස්ථාවට අදාල වීඩියෝ දර්ශණ සමාජා මාධ්‍යය්න්හී ප්‍රචාරය වීමත් සමග උතුරුමැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාරට කරනා ලද නියෝගයක් අනුව මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!