හුස්ම ගන්න හොඳම රටවක් හය මෙන්න

ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන “IQAir” නම් සමාගම විසින් වාර්තාවක් නිකුත් කරමින් ලෝකයේ වායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුවක් එළිදක්වා ඇත.

ඔවුන් විසින් විමර්ශනයට ලක්කර තිබු රටවල් සහ කලාපවලින් 90%කම වාර්ෂික වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශ ඉක්මවා ගොස් ඇත.

එම වාර්තාවට අනුව 2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය හොද මට්ටමේ පවතින රටවල් සහ කලාප 13ක පමණක් හදුනාගෙන ඇත. ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, සහ නවසීලන්ත ඒ අතර වේ.

එම වාර්තාවට අනුව 2022 වසරේදී ලොව වායු දූෂණය වැඩිම රට ලෙස වාර්තා වී ඇත්තේ චැඩ් රාජ්‍ය යයි.ඊට අමතරව ඉරාකය, පාකිස්තානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆේසෝ, කුවේට්, ඉන්දියාව සහ ඊජිප්තුව සහ තජිකිස්තානය එම ලැයිස්තුවේ ඉදිරියෙන් ඇති අනෙක් රටවල් ය.

මෙම ලැයිස්තුවේ දකුණු ආසියානු රටවල් තුනක් වන පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව, තිබීම දැකිය හැකිය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *