හිරුණිකාට වෘතීය සමිති නායක කමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, සමගි වනිතා බලවේගය ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමයේ සභාපති ලෙස පත් කර ඇත.

පෞද්ගලික අංශය නියෝජනය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන් බලගැන්වීම සහ ඔවුන් ශක්තිමත් කිරීම උදෙසා සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමය පිහිටවනු ලැබූ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කොට ඇත්තේ එහි පළමු සභාපතිනිය ලෙසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදු කොට ඇත. ඇගේ පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘතීය සමිති උපදේශක ලෙසද කටයුතු කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *