හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ව්‍යාජ ආකාරයෙන් රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයන් ලබාදීමට භාණ්ඩාගාර නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නොවැම්බර් 27 සහ 28 යන දෙදින තුළ භාණ්ඩාගාරයට පැමිණි අවස්ථාවේ සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම පමනක් සිදුකළ බව එම අමාත්‍යංශය පවසයි.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනයට අදාල ප්‍රසම්පාදනය සහ ඉන්දියානු ණය අරමුදල් භාවිතා කිරීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි ක්‍රියා පටිපාටි අවබෝධ කර ගැනීම සඳහා රහස් පොලිසියට සහය වීමට පමණක් එම නිළධාරීන් සහය වී ඇටහිබව මුදල අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මාර්ගයෙන් මුදල් යෙදවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස රහස් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට කළ නියෝගය අනුව මෙම කටයුත්ත සිදුවූ බව එම නිවේදනයේ සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!