හිටපු එකම ශල්‍ය වෛද්‍යවරායා රට හැර යාම නිසා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ සැත්කම් නවතී.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සේවය කළ එකම ශල්‍ය වෛද්‍යවරයා රට හැරගොස් ඇති බැවින් එම රෝහලේ සියලු ශල්‍යකර්ම ඇනහිට ඇති බව වාර්තාවේ .

මෙම තත්ත්වය නිසා හදිසි සැත්කම් ඇතුළුව සැත්කම් 50ක් අත්හිටුවා ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් මාර්ගයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත දන්වා ඇතත් ඒ පිළිබඳව තවමත් පියවර ගෙන නොමැති බව දැනගන්නට ඇත.

පොළොන්නරුව රෝහල ඇතුළු අවට රෝහල් වෙත රෝගීන් යොමු කළද එම රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!