හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට අපරාධ චෝදනා

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් අපරාධ චෝදනා ගොනුකර ඇති බවයි.

කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ඔහුගේ කීර්ති නාමයට කැළැලක් වන ආකාරයට ක්‍රියා කළ, නිල් චිත්‍රපට නිළි, ස්ටෝමි ඩැනියෙල්ස් මුදල් දී නිහඬ කළේ යැයි යන චෝදනාව ට්‍රම්ප්ට එල්ල වී තිබේ.
මෙම සිද්ධිය මුල්කොට ගනිමින් එම නඩු පැනවීම සිදු කර තිබේ

ට්‍රම්ප් 2016 දී ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ඇයට ලබා දෙමින් යැයි අනාවරණය වී ඇත.

එමෙන්ම මෙලෙස අපරාධ චෝදනා ගොනුකර ඇති ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *