හමුදාවේ අවි පාතාලයට යන බවට සැකයක්

විවිධ රාජකාරි සහ සේවා මුර සඳහා සෙබළුන්ට අවි නිකුත් කිරීම දැඩි අධික්ෂණයකට යටත්ව සිදු කිරීමට යුධ හමුදාව තීරණය කර ඇත.

මීට අමතරව හමුදා කඳවුරුවලින් නිකුත් කරන ගිනි අවි නිසි කාලයට නැවත ලබා දෙන්නේද යන්න විශේෂ විමර්ශනයකට ලක් කරන්නට ද උපදෙස් ලබා දී ඇත.

තවද අවි ගබඩා භාර නිලධාරීන්ගේ ක්‍රියා කළාපයන් පිළිබඳව විමසිල්ලෙන් පසු වන ලෙසද හමුදා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූයේ පසුගිය දිනවල රට පුරා සිදුවූ පාතාල ක්‍රියාකාරකම් රැසකටම සක්‍රීය සේවයේ නියුතු හමුදා සෙබළුන් සහ පොලිස් නිළධාරීන් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වීමය . එසේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන හමුදා සාමාජිකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ද රජය තීරණය කර ඇත.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!