හම්බන්තොට වරායට මගී නෞකා පැමිණීම ඉහළ යයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) විසින් 2023 නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේදී නෞකා පහකින් පැමිණි සංචාරකයින් 6,000කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇතිබව වාර්තා වේ .

පසුගිය නොවැම්බර් මස ‘Azamara Journey’ මගීන් 620ක් රැගෙන ශ්‍රී ලංකවට පැමිණි අතර, පසුගිය දෙසැම්බර් 10 වැනිදා මස්කට් සිට ශ්‍රී ලංකාවට පැමිණි Mein Schiff 5 නමැති සුඛෝපභෝගී නෞකාව මගීන් 2200ක් රැගෙන එන ලදි. එම නෞකාව 2023 මැයි මාසයේද ශ්‍රී ලංකාවට පැමිණියේය.

මගීන් 3500ක් රැගත් ‘Celebrity Millennium’ (Celebrity Millennium) නෞකාවත්, 19 වැනිදා අමුත්තන් 498ක් රැගෙන පැමිණි ‘Nautica’ නෞකාවත් පසුගිය දෙමස තුළ ශ්‍රී ලංකාවට පැමිණි සෙසු නෞකාවන් ය. .

මේ වසරේ මේ දක්වා, හම්බන්තොට වරාය විසින් ආසන්න වශයෙන් මගී නෞකා 22 කට ආසන්න සංඛ්‍යාවක මෙහෙයුම් සිදුකර ඇත. ඉන් බහුතරයක් චෙන්නායි සිට Cordelia Cruise Lines හරහා පැමිණි ඒවා බව වාර්තා වෙයි. ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින්ට නිවාඩු පැකේජ ලබා දෙන එම නෞකා සේවය මෙම වසරේ ජුනි සිට සැප්තැම්බර් දක්වා හම්බන්තොට වරාය වෙත අවස්ථා ගණනකදී පැමිණ ඇත. ඔවුන්ගේ ‘එම්ප්‍රස්’ නෞකාවෙන් වසර පුරා සංචාරකයින් 7500 ක් පමණ වරායට රැගෙන විත් ඇත.

මේ අනුව ජාත්‍යන්තර මගී නෞකා සඳහා පහසුකම් සපයන ලෝකයේ ප්‍රධාන පෙලේ වරායන් අතරට හම්බන්තොට වරාය පත්වෙමින් තිබෙනා බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!