හඟුරන්කෙත පොලිසියට ගම්මුන්ගේ විරෝධය

හඟුරන්කෙත පොලිසිය විසින් විරෝධතා කණ්ඩායමක් විසුරුවා හැරීමට අහසට වෙඩි තබා ඇත. දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම විරෝධතාවය විසුරවා හැරීම සඳහා පොලිසිය විසින් අනතුරු ඇඟවීම් වෙඩි 38ක් තබා ඇත.

පොලිසියේ දැනුම් දැනුම්දීම නොතකා එම පිරිස කලහකාරීව හැසිරී ඇති අතර පොලිසිය ප්‍රධාන ගේට්ටුව ද පෙරළා දමා පොලිසියට ඇතුළු වීමට උත්සාහ කර ඇත. පහරදීමකින් සිදුවූ පුද්ගල මරණයක සැකකරුවෙකු අත් අඩංගුඅට ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පිරිස විරෝධතාවයේ නියැලි තිබේ.

ඊට අමතරව තවත් පිරිසක් පොලිසියට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *