ස.ජ.බ ලොක්කෙක් එ.ජා.ප යට.

සමගි ජන බලවේගය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම්කර ඇතත් පක්ෂ‍යේ අගමැති අපේක්ෂකයා තවමත් නම් නොකිරිම එම පක්ෂයේ ජ්‍යේෂ්ටයන් තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පක්ෂයේ ජ්‍යේෂ්ට නායකයන් වන රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක වැන්නෝ අගමැති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටියද මෑතකදී පක්ෂයට එක්වූ මහාචාර්ය ජී.ඇල්. පීරිස් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට වඩත් සමීප වීම නිසා නව අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව එම ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයෙක් නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් පසුවෙන බවත්, එහි මූලික සාකච්චා මේවනවිට සාර්ථකව පවත්වා නිමකර ඇතිබවත් වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිසිදිනකත් නායකත්වයේ වගකීම බාර නොගන්නා බවත්, එවැන්නෙක් සමග කටයුතු කිරීම නිශ්පල දෙයක් බවත් පවසමින් ඔහු ස.ජ.බ පාර්ලිමේන්තු කණ්ඩායමේ කිහිපදෙනෙක් එ.ජා.ප ය හා සම්බන්ධ කිරීමට උත්සහ ගන්න බවත් පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!