ස.ජ.බ දිනුවත් මාස හයෙන් රනිල් හොඳයි කියලා මිනිස්සු අපේ ගෙවල් වටකරනවා

අනාගතයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගය ජයගත්තද රට කරගෙන යාමට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අවශ්‍ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි . ඒ ආකාරයේ වැඩ පිළිවෙළක් නැති වුවොත් මාස හයක් යමට පෙර ජනතාව තම නිවාස වටලනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘මතක තියාගන්න අපට හරි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. අපි දිනලා මාස 6න් අපේ ගෙවල් වලට එනවා. ලියල තියාගන්න මම කියපු දේවල් පහුගිය කාලේ එකක්වත් වුනේ නැත්තෙ නැහැනේ. අද දේශපාලනය 2019ට පෙර තිබූ පෙර තිබුණ දේශපාලන නෙවෙයි. ඉතින් අපි ආවා කියලා මැජික් දාන්න බෑ.

මේ තත්ත්වය හරියට මිනිස්සුන්ට පහදලා දෙන්න ඕනේ. නැත්තං වෙන්නේ මොකක්ද මීට හොඳයි රනිල් හිටියනම් කියලා මිනිස්සු අපේ ගෙවල් වටලන එක’ ඔහු පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!