ස.ජ.බ ආසන සංවිධායක්වරුන් ගැටෙති. ජගත් විතාන ඉල්ලා අස්වෙයි.

දින කිහිපයක සිට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයන් අතර මතුව ඇති ගැටළුව උග්‍ර වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. පසුගියදා බේරුවලදී පැවති රැස්වීමකදී ආසන සංවිධයකවරුන් අතර හටගත් ගැටුම මේ දක්වාම විසඳි නැතිබව එම අරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි .

එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවෙගයේ මතුගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ ජගත් විතාන සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම දැක්විය හැකිබව පක්ෂයේ ජ්‍යේෂ්ටයෝ සඳහන් කරති.

ජගත් විතාන සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත බාරදී ඇති අතර ඊට පෙර දැඩි ආවේග ශීලීව අදහස් දක්වා ඇතිබව වාර්තාවේ . ඔහු සිය ඉල්ලා අස්වීමෙ ලිපියෙන්ද ආසන සංවිධායකවරුන් අතර ඇති වූ ගැටුම නිරාකරණය කරන ලෙස ඉක්කා ඇතිබව දැනගන්නට තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!