සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් රෝහලක වැඩකරනවා දැකලා තියනවාද

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට රාජ්‍ය රෝහලක් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ වෛද්‍ය, හෙදියන් සහ අවශ්‍ය පරිපාලන කාර්ය මණ්ඩලය පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය .

ඔහු මේ බව පැවසූවේ වෛද්‍ය වෘතිකයන් හැර සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සැළසුම්කර ඇති දීපව්‍යප්ත වර්ජනයක් ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .

අත්‍යාවශ්‍ය අවස්ථවන්හීදී රසායනාගාර සේවා වැනි සේවා බාහිරින් ලබා ගැනීම මිට වඩා තුන්ගුණයක් ලාබදායි විය හැකිබව ඉහු එහිදි පැවසීය .

“සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් රෝහලක සේවය කරනවා මම කවදාවත් දැකලා නැහැ. ඔහු ක්‍රියාශීලීව කිසියම් කාර්යයක නිරත වන බව කවුරුන් හෝ නිරීක්ෂණය කර තිබෙනවාද . අපි බොහෝ දෙනෙක් අපේ මුළු දවසම රෝහල්වල වැඩ කරන අතරේ කුමුදේශ් නිතරම පාරේ ඉන්නවා. ” වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කළේය.

වෛද්‍ය සැපයුම් අංශය (MSD), ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) තම විෂය පථය යටතට ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටියේය. වඩා හොඳ පාලනයක් සහ කළමනාකරණයක් සඳහා මෙම ආයතන ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!