සීතා කෝවිල වෙනුවෙන් මුද්දරයක්.

නුවරඑළිය සීතාඑළිය සීතා කෝවිල වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද නිකුත් කළේය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ ඇතුළු සම්භාවනීයන් රැසක් සභභාගී විය. සීතා කෝවිල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත භාවනා මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබීමටද අගමැතිවරයා ඇතුළු සම්භාවනීයන් එක් විය.

සීතා එළියේ සීතා කෝවිල රාම රාවන පුරාවෘතය හා පවත්වන සබැඳියව නිසා ඉන්දීය සංචාරකයන්ගේ දැඩි ආකර්ශනයට ලක්ව ඇති ස්ථානයකි. එහි පහසුකම් වාර්ධනය කිරීමෙන් ත්ව දුරටහ් ඉන්දීය සංචාරකයන් ආකර්ශණය කර ගැනීම රජයේ අරමුණ වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *