සිස්ටම් චේන්ජ් කිරීම පටන් ගතයුතු තැන ජනාධිපති හෙළිකරයි.

09 වන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද දින (07) ආරම්භය විය.

මෙහි දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය.

අතීතයේ සිටම මේ දක්වා ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දී ඇත. සමහර අවස්ථාවන්හි දී අර්බුදයෙන් ගොඩඒමට හැකි වුවත්, තවත් සමහර අවස්ථාවන්හි දී අර්බුදයෙන් ගොඩඑන්නට නොහැකි වූ බවත්, අර්බුද වලින් ගොඩ එන්න පුළුවන් වන්නේ, අර්බුදවලට ශාප කර සිටීමෙන් නොවන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පැවසීය.

ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,

“අර්බුදය ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ, තමාගෙන්මයි. අනුන් විවේචනය කර සිටීමෙන් අර්බුදය ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසිම තැනක නැහැ, අප අපටම පහනක් උනේ නැත්නම් අපේ සිතුවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නැහැ, රටට යහපතකුත් නැහැ, අර්බුදයට විසඳුමකුත් නැහැ.

ක්‍රම වෙනසක් නැතිනම් System Change ගැන උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවට මුලින්ම අපි වෙනස් වුණේ නැත්නම් කිසිවිටක ක්‍රමයක් වෙනස් කරන්න අපිට පුළුවන් වෙන්නේ නෑ.” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!