සිනොපෙක් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බව එම සමාගම එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *