සාපෙළ විභාග ප්‍රවේශපත් තැපැල් කිරීම ඇරඹේ

මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් තැපැල් කිරීම ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පාසැල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන් වෙත තැපැල් කෙරෙන බවත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සහ කාලසටහන් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙත තැපැල් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි මස 8 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *