සයිනොපෙක් ගිවිසුම් අත්සන් කරයි

මෙරට ඉන්ධන අලවිය සඳහා එක්වෙන දෙවන විදෙස් සමාගම වන චීනයේ සයිනොපෙක් සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර වාණිජ කටයුතු සඳහා වන ගිවිසුම ඊයේ අත්සන් තබනු ලැබීය.

මෙම ගිවිසුමට අනුව සයිනොපෙක් සමාගමට මෙතුවක් කල් ඛණිජ තෙල් සංස්ථාව හරහා මෙහෙයුම් සිදුකළ පිරවුහල් 150 ක් පවරාදෙන අතර නව පිරවුම්හල් 50 ක් ආරම්භ කිරීමටද අවසර හිමිවෙයි. මෙම ගිවිසුම වසර 20ක කාලයක් සඳහා වළංගු වෙයි. ගිවිසුම අනුව සයිනොපෙක් සමාගමට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, ගබඩා කිරීමට සහ අලවි කිරීමට අවසර හිමිවෙයි.

ලොව මුල්පෙල්‍ර්‍ර් ඛණිජ තෙල් සමාගම් අතරට එක්වෙන සයිනොපෙක් සමාගම බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඛණිජ තෙල් වෘතීය සමිති පවසනුයේ මෙම ගිවිසුමත් සමග සංස්ථාව සතුව පැවති ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරිය තව දුරටත් දුර්වල වන බවයි. තවත් විදෙස් සමාගම් දෙකක් මේ වසර තුළ මෙරට ඉන්ධන වෙළඳපොළට එක්වීමට කියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *