සමගි ජන බලවේගයේ රැළියට අධිකරණයෙන් තහනම් නියෝගයක්

සමගි ජන බලවේගය අද (30) පස්වරු 1.30ට කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට අදාලව අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට අධිකරණ මෙම නියෝග ලබා දී ඇත. එම් නියෝගය මගින් මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවයට පත්වීම හා වාහන ගමනාගමනයට බාධා ඇති වන අයුරින් විරෝධතා පා ගමනක් පැවැත්වීම තහනම් කර ඇත.

මෙම රැළිය පිළිබඳව ඊයේ දිනයේදී අදහස් පළ කරමින් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ සමගි ජන බලවේගය කිසිඳු තහංචියක් නොසලකන බවයි.
සමගි ජන බලවේගයේ කිසිදු තහංචියක් නොසලකන බවත් හෙට දිනයේ දී පාරට බැස වත්මන් ආණ්ඩුව පෙරලීමේ පළමු වෙඩි මුරය තබන බවත් ඔහු පැවසීය.

පොලිස්පතිවරයාට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට ඕනෑම සීමාවක් පැනවිය හැකි නමුත් අපි සියලු නීති කඩ කරමින් 50,000ක් හෙට කොළඹට ගේනවා ලෙස ඔහු තවදුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!