සබරගමුවේ සිසුන් 4ක් සී අයි ඩී අත්අඩංගුවට

සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු එම විශ්ව විද්‍යාලයේම නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ දයාශාන්ත නේවාසිකාගාරයට පසුගිය පෙබරවාරි මාසයේ මාසයේ 15 වැනි දා අනවසරයෙන් ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකර නවක වදය දුන්නේ යැයි කියන චෝදනා යටතේ මෙම සිසුන් හතර දෙනා සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් මොරටුව, වැලිමඩ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 23 සහ 24 යන වයස් වයස්වල පසුවන අය වෙති.

පරීක්ෂණ පවත්වා සැකකාර සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිසියේ අතුරු වූවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *