සපුගස්කන්ද පිරිපහදුව වසා දමයි

සපුගස්කන්ද පිරිපහදුව ලබන ජුලි මාසයේදී නඩත්තු කටයුත්තක් සඳහා වසා දැමෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. වසර තුනකට වරක් කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ දින 45 ක කාලයකට මෙහෙයුම් කටයුතු අත්හිවීමට නියමිතය .

එම පිරිපහදුව 2021 වසරේ මෙම නඩත්තු කටයුතු කිරීමෙන් පසුව ජාත්‍යන්තර නියමන්ට අනුගතවෙමින් ලබන ජූලි මස නඩත්තු කටයුතු ආරම්භ කරන බවත් එම නඩත්තුවෙන් පසුව ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!