සනත් නිශාන්තගේ බිරිඳ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරනා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වී, ඒ වෙනුවට පසුගියදා මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චාමරී පෙරේරා පාර්ල්මේන්තුවට ගෙන ඒමට එම පක්ෂය සූදානම් වන බව වාර්තා වෙයි.

මෙම යෝජනාව පිලිබඳ මේ වන විටත් පක්ෂයේ අභ්‍යන්තර සාකච්චා ආරම්භ කර ඇති බවත්, පාට්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඊට මුල්වී ඇති බවත් දැනගන්නට තිබේ. හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ ඊට සිය එකඟතාවය පලකර ඇති බවත් දැනගන්නට තිබේ.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා උග්‍ර රාජපක්ෂ වාදියෙක් වන අතරා පසුගිය දා නිරවුල් නොකර තිබූ නාමල් රාජපක්ෂගේ රුපියල් ලක්ෂ 26 විදුලි බිලක්ද ඔහු විසින් ගෙවා දමනා ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!