සජිත් ගැන ලොකු රහසක් අනුර කුමාර හෙළිකරයි.

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වළකාලනු වස් මහින්ද-චන්ද්‍රිකා, මෛත්‍රී-මහින්ද, රනිල්-චන්ද්‍රිකා වැනි දේශපාලන ප්‍රතිවාදීන් පවා එකම වේදිකාවකට පැමිණීමට සූදානම් වන බව අනුර කුමාර දිසානායක එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පැවසීය.

සජිත් එම කඳවුරට එකතු නොවෙන්නේ රනිල් වික්‍රමසිංහ සමග ඇති පෞද්ගලික එදිරිවාදිකම් නිසා බවත්, නොඑසේනම් මේ වනවිට ඔහුද එම සන්ධානයට එක්ව අවසන් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම කාන්තා සම්මේලන සංකල්පය පිළිබඳව විපක්ෂයද විමතියට පත්ව ඇති බව පැවසූ ඔහු, කාන්තාවන්ගේ පිබිදීමක් මේ ආකාරයෙන් සිදුවේ යැයි ඔවුන් කිසිවිටක නොසිතූ බවද කීවේය.

ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය විපක්ෂය මවිතකර ඇතිබවත්, එවැනි සිදුවීම් ඉදිරි අනාගතයේදී තවත් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!