සජිත්ට වෙන්නේත් ඝෝඨාට වූ දෙයම තමයි

පොදුජන පෙරමුනෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු කිහිපදෙනෙකු සමගි ජනබලවේගයට සම්බන්ධ කරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය එම පක්ෂය තුළ බරපතල බෙදිමක් ඇතිකිරීමට හේතු වී තිබේ.

චන්න ජයසුමන, නාලක ගොඩහේවා ඇතුලු පිරිස වියත්මගේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ නොමග යවීමට කටයුතු කළ බවත්, එවැනි පිරිසක් ලංකර ගැනීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද නිසැක ලෙසම විනාශවන බවත් තලතා අතුකෝරාල ප්‍රමුඛ මන්ත්‍රිවරු කණ්ඩායමක් පෙන්වාදී ඇත.

කිසිදු දේශපාලන දැනුමක් සහ ජන පදනමක් නැති මෙම පිරිස සමග සන්ධාන ගතවීමෙන් පක්ෂයට අත්වන වාසිය කුමක්දැයි ඔවුන් ප්‍රශ්ණකර ඇත. පක්ෂයට අළුතෙන් එක්වන අයට තනතුරු ලබාදීමේදී පැරණි සාමජිකයන්ට අසාධාරණයක් නොවිය යුතු බවත්, වෛද්‍ය චමල් සංජීව දූෂණ විරෝධී බලකායේ උප සභාපති ධූරයට පත්කිරිම නිසා පැරණි සාමාජිකයන්ට හානියක් සිදුව ඇතිබවත් ඔවුන් පෙන්වා දී ඇත.

සුළු පක්ෂවල සහය ලබාගැනීම පසෙකදමා සමගි ජන බලවේගයේ අගමැති අපෙක්ෂකයා නම්කරනා ලෙසද ඕවුහු විපක්ෂ නායක වරයාට පවසා ඇත .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!