සජිත්ගේ විපක්ෂ සන්ධානය හදන්නට කළින් පුපුරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මුලිකත්වයෙන් සමගි ජන බලවේගය විසින් නිර්මාණය කිරිමට නියමිත විපක්ෂ සන්ධානයට එක්වීමට නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම එකඟවී නැතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම සන්ධානයට එක් වීමට නම් අගමැති අපේක්ෂකයා ලෙස ඔහුගේ නම ප්‍රකාශයට පත්කළ යුතු බව නිදහස් ජනතා සභාවේ සාමාජිකයන් දරණ මතය නිසා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

මෙ අතර නිදහස් ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී ඇල් පීරිස් සමගි ජන බලවේගයට එකිවීමෙන් පසු එහි තවත් සාමාජිකයෙක් වූ ඩිලාන් පෙරේරාද සමගි ජන බලවේගය එක්වීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ. ඊට අමතරව ඩලස් පාර්ශවය සමග සහයෝගයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශණ යාපා, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා සමග එක්වීමට නියමිත බවද වාර්තා වේ. නිමල් ලංසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට වෙනමම දේශපාලන බලවේගයක් නිර්මාණය කරමින් සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!