සජිත්ගේ බුරිය වටේට පිස්සුබලු එන්නත් 21 දෙන්නට යෝජනාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බුරිය වටේ පිස්සු බලු එන්නත් විසි එකක් ගැසිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය .

විපක්ෂ නායකවරයා සෑම දිනම පාර්ලිමේන්තුවේ කාලය හා දමන බවත් හරියට එය පිස්සු බල්ලෙකු සපා කෑ පුද්ගලයෙකු හැසිරෙන ආකාරයට බවත් හෙතෙම පැවසීය.

එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පිස්සු බලු ඒකකය හරහා විපක්ෂ නායකවරයාට පිස්සු බලු එන්නත් විසි එකක් ලබාදිය ද පැවසූ ඔහු විපක්ෂ නායකවරයාට සහාය දෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලටද පිස්සු බලු එන්නත් දාහතරක් ගැසිය යුතු බවද කියා සිටියේය.

තම පාර්ලිමේන්තු ජීවිතය පුරාම මේ ආකාරයේ බොළඳ විපක්ෂ නායකවරයෙක් දැක නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය. අයවැය කාරක සභා අවස්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!