සංචාරක ඇමති හරීන් නියම තැනට ඇණේ ගහයි

ඉන්දියනු සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියත්මක නිදහස් වීසා ක්‍රමය එළබෙන මාර්තු මාසයෙන් පසු යළි දීර්ඝ කිරීමට අපේක්ෂා කරනා බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය .

“ඉන්දියාව අපගේ අංක එකේ මූලාශ්‍ර වෙළඳපොල වන අතර ඉන්දියාවේ සංචාරකයින් අප මුහුණ දුන් මෑතකාලීන අර්බුදයෙන් ගොඩ ඒමේ මාවතට අපේ රටට උදව් කළා,” ප්‍රනාන්දු OTM 2024 හි සැසියකදී ඔහු පැවසීය.

”ශ්‍රී ලංකාව 2023 දෙසැම්බර් සිට මාර්තු දක්වා ඉන්දියානු සංචාරකයින් සඳහා වීසා රහිතව ඇතුළුවීමට පහසුකම් සලසා තිබෙනවා. අපි එය මාර්තු මාසයෙන් ඔබ්බට දීර්ඝ කිරීමට කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ කරදරයකින් තොර නිවාඩුවක් සඳහා අපේ රටට ඇවිද යා හැකි ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගමනාන්තයක් බවට පත් කිරීමටයි, ”ඔහු පැවසීය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද පසුගියදා පැවසූවේ ඉන්දියානුවන්ට සංචාරය සඳහා හොඳම පහසුකම් සහිත රාජ්‍ය ශ්‍රී ලංකාව බවයි.

සමාන්‍ය වශයෙන් ඉන්දීය සංචාරකයන් විශල ලෙස මාලදිවයෛනේ සංචාරය කරයි. එහෙත් මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු දැඩි චීන හිතවාදී ස්ථාවරයක පිහිටා කටයුතු කරනා අතර චීනය සමග සමිප සබඳතා ගොඩනගා ගැනීමට අවධනය යොමුකර සිටී. එබැවින් ඉන්දියාව තම රටවැසියන් මාලදිවයිනට යාම අධෛර්‍ය කරමින් සිටී.

එම තත්ත්වය නිසා ශ්‍රී ලංකාව ඉන්දියානුවන් උදෙසා නිදහස් වීසා ප්‍රතිපත්තිය තව දුරටත් දීර්ඝ කි‍රීම ඵල්දායී තීරණයක් වනු අති බව සංචාරක ක්ෂේස්ත්‍රයේ ප්‍රාමණිකයෝ පෙන්වාදෙති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!