සංගීතඥ ආර්. මුත්තුසාමිගේ සේයාරුව විවෘතවීම 19 දා.

මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකළ ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමිගේ සේයාරුවක් මෙම ජනවාරි 19 දා ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිතය.1926 දී ඉන්දියාවේදී හින්දු භක්තික පවුලක උපත ලබනා ආර්, මුත්තුසාමි වයස 05 සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.

ඉන්දියානු චිත්‍රපට වල වාදනය ඉදිරිපත් කළ ඔහු මෙරට පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ වාදනයට ද එක්විය. ඔහු ලංකාවට පැමිණියේ ච්ත්‍රපට අධ්‍යක්ෂ නායගම්ගේ ඇයුමෙනි. පසුකාලයක හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් ඔහුට මෙරට පුරවැසිකම ලබා දුන්නේය . ආර්. මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953 දී ලැබුණු ජාත්‍යන්තර සම්මානයක් හිමිවිය .ඇන්ජලීන් සුජාති නන්දා මාලනී ගායන ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දුන්නේ ද ඔහුය. රුක්මණී ධර්මදාස ලතා ජොතිපාල මිල්ටන් බෙග් මෙන්ම කේමදාස රොක්සාමි මොහොමඩි සාලි වික්ටර් ආදී බොහෝ අය චිත්‍රපට ගායන හා සංගීත ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දීමට ද මුත්තුසාමි මූලික විය.

මාතලන් අල්ලපු ගෙදර සංදේශය චන්ඩියා කුරුළුබැද්ද ඇතුළු චිතුපට රැසකට මුත්තුසාමි සංගීතය සැපයීය. තවද චිත්‍රපට කිහිපයක ඔහු ගීත ගායනයට ද එක්විය. දෝන නිලියා පෙරේරා නම් බෞද්ධ සිංහල කාන්තාව හා විවාහ වූ ඔහුට සංගීත අධ්‍යක්ෂ මොහාන් රාජ්, චිත්‍රාංගී, ප්‍රසන්නී, කීර්තිකා නම් දරුවන් සිව් දෙනෙක් විය.

(අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!