ශ්‍රී ලාංකිකයන් මිලියනයක් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක ලබාගනී

ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සමඟ ලියාපදිංචි වී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට මිලියනයකට ආසන්න බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි .

ඊට අමතරව බදු ගෙවන සමාගම් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

2022 දී ලියාපදිංචි බදු ගෙවන සමාගම් සංඛ්‍යාව 73,444 ක් වූ අතර එය ඉකුත් නොවැම්බර් 30 වන විට 81,909 දක්වා ඉහළ යන ලදි . මෙම වසරේදී එහි ප්‍රගතිය 10% ක් බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!