ශ්‍රී ලංකා සාගර සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධිවරයන් 21 අත් අඩංගුවට.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ යාත්‍රා 4 ක් ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.

මන්නාරම සහ කන්කසන්තුරේ කෝවිලන් ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිරියදී මෙම පිරිස අත් අඩංගුවට පත්වූ බව නාවික හමුඅදා ආරංචි මාර්ග වැඩි දුරටහ් පවසයි.

උතුරු මැද නාවික විධානය සහ උතුරු නාවික විධානය බදාදා සවස ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ යෙදී සිටින බව වාර්තා වීමෙන් පසු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පොකුරක් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළ
ආරක්ෂක මුර යාත්‍රා යොදවා ඇත .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!