ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන්ට වසර දෙකක සිර දඬුවම්

දිවයිනේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දස දෙනෙකුට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

මෙම නඩුව යළි කැඳවන ඔක්තෝබර් 24 වන දින අධිකරණයට අධිකරණයට පැමිණෙන ලෙස ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුට නියෝග කළ අතර, එතෙක් නෞකාව රඳවා තබාගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය. නීති විරෝධීව ශ්‍රී ලංකා ජල තීරයට ඇතුළුවීම සහ මසුන් ඇල්ලීමේ චෝදනාව මත මෙම යාත්‍රාවද මේවන විට නාවික හමුදා භාරයේ පවතී.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ධීවරයන් සහ යාත්‍රාව අත් අඩංගුවට ගන්න ලදි. නාවික හමුදාව භාරයට ගත් ඔවුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය භාරදෙන ලෙස මහේස්ත්‍රාත් පොන්නතුරෙයි ක්‍රිෂාන්ත් පොලිසියට නියෝග කළේය.

අත්හිටවූ සිරදඬුවම් නියම වූ ධීවරයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගන්නා තෙක් ඔවුන් මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතය.

2023 දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ චෝදනාව මත ශ්‍රි ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් 240 ක් සහ ට්‍රෝලර් යාත්‍රා 35 ක් අත්අඩංගුවට ගෙන ඇත..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!