ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 – 2025 කාලි සීමාව සඳහා කටයුතු කිරීමට අදාල නව නිලධාරි මඩුල්ල පත්කර ගැනීම අද (20) දිනයේ පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වන වාර්ෂික මහා සභා රැස්වීම ද අද පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී ය.

මේ අතරම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ක්‍රියාත්මක වීම අගෝස්තු මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන බව අධිකරණය මගින් දැනුම් දී ඇති අතර, අද පැවැත්වෙන නිළවරණය ඉන්පසු බලය හිමිවන නිලධාරීන්ට පැරණි ක්‍රීඩා රෙගුලාසි රෙගුලාසි වලට අනුව නිල ධූරකාලය හිමිවෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *