ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලවිය අද (26) සිට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට් අලෙවිය අද (26) ආරම්භ කරයි.

ප්‍රවේශපත්‍ර මිල LKR 300, LKR 400, LKR 500, සහ LKR 750 වන බව වාර්තා වේ.

ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ප්‍රේක්ෂකයන් තරඟ දිනයේදී ක්‍රීඩාංගණයට ඇතුළු වීමට තම QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන්) රැගෙන ආ යුතු වන අතර, ටිකට් පත මිලදී ගැනීමට www.srilankacricket.lk වෙත පිවිසිය යුතු අතර අද උදෑසන 09.00 සිට ටිකට් පත් ලබා ගැනීමට හැකියාව පවතියි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග තුන, ජූනි 2, 4, සහ 7 වනදා එම තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදී වන අතර, සියලු තරග පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *