ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ…

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ අනුමැතිය ද හිමි වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නායකත්වය ධනංජය ද සිල්වාට හිමි වී ඇති අතර උප නායකත්වය හිමිව තිබෙන්නේ, කුසල් මෙන්ඩිස් හටයි.

ධනංජය ද සිල්වා (නායක)
කුසල් මෙන්ඩිස් (උපනායක)
දිමුත් කරුණාරත්න
ඇන්ජලෝ මැතිව්ස්
සදීර සමරවික්‍රම
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
නිෂාන් මදුෂ්ක
කසුන් රාජිත
කමිදු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
විශ්ව ප්‍රනාන්දු
ලහිරු උදාර
චාමික ගුණසේකර
මිලාන් රත්නායක, එම සංචිතය සඳහා නම් කර ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!