ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා, උදය ගම්මන්පිල සමග එකම වේදිකාවක

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තමන් පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.

තම වත්කම රුපියල් බිලියන හතරක් බවත්, මීළඟ ජනාධිපතිවරයා තමන් බව විශ්ව ශක්තියෙන් තමාට දන්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අද දින ‘මහජන පවුල’ නම් දේශපාලන සංවිධානයක් විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණයකදී දේශනයක් පැවැත්වීමට නියමිත බව එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක මියුරු සඳරුවන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම වාර්තාවට අනුව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ද සමුළුවට සහභාගි වීමට නියමිතයි. ජනතාවගේ විදුලි බිල අඩුකළ හැකිද යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වීමටය නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *