ශ්‍රී ලංකාවට සංචාරක වසන්තයක්. දින හතරට 25,000 ක් එති.

මේ වසරේ මුල් දින 4 තුළ පමණක් සංචාරකයින් 25,000කට ඉක්මවූ පිරිසක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. ජනවාරි 01 වැනිදා සිට 4 වැනිදා දක්වා සංචාරකයන් 25,619ක් පැමිණ තිබේ.

විශාලතම සංචාරකයින් සංඛ්‍යාව 5,060 ක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර සංචාරකයින් 3,333 ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.

ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව SLTDA පවසයි. පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ගණන 1,487,303ක් ලෙස සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!