ශ්‍රීපාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්..

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය යටතේ ක්‍රියාත්මක කැම්පස් රේඩියෝව මගින් සංවිධානය කරනු ලබන ප්‍රාණ – හඬ නැගෙන හදවතට, ලේ දන්දීමේ වැඩසටහන එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ අද (11) වන දින සාර්ථක ලෙස නිමාවට පත් විය. කළුතර නාගොඩ මහ රෝහල සහ හොරණ මූලික රෝහල සමඟ සම්බන්ධ වෙමින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ගරු මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා ඇතුළු ආරාධිතයින් සහභාගි විය. සියයකට ආසන්න පිරිසක් මේ සඳහා රුධිර දායකත්වය සපයනු ලැබූ අතර මෙවැනි වැඩසටහනක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබූවේ ප්‍රථම වරටයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!