ශ්‍රි ලංකාව ලබන වසරේ ලෝකයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්ත පහ අතරට එක් වෙයි

සංචාරක තොරතුරු වෙනුවෙන් ප්‍රකාශිත ‘Travel Off Path’ වෙබ් අඩවිය විසින් විසින් 2024 වසර සඳහා ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත .

මෙරට අද්විතීය භූ දර්ශන, උණුසුම් දේශගුණය, පොහොසත් සංස්කෘතික උරුමය සහ ප්‍රියජනක ආහාර ගෝලීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මෙහිදී සලකා බල ඇත.

‘Travel Off Path’ වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාව 2023 වසර පුරාවට අඛණ්ඩව නරඹන්නන් ආකර්ෂණය කර ගෙන ඇති අතර, විශාලතම නරඹන්නන් කණ්ඩායම්වලින් එකක් වන එක්සත් ජනපදයේ සංචාරකයින්ගේ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්වා ඇත .

ශ්‍රී ලංකාව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් 2 මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලබා ගනිමින් – 2024 දී එහි නැගී එන ජනප්‍රියතාවයට හිමිකම් කියනා බව එම වෙබ් අඩවිය පවසයි.

ඉදිරි වසරේ සැලකිය යුතු වර්ධනයක් සඳහා ශ්‍රී ලංකාව කැපී පෙනෙන ගමනාන්තයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම පිළිගැනීම මගින් ටියුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව සහ ඩොමිනිකන් ජනරජය යන රටවල් හතර සමඟ ශ්‍රී ලංකාව ස්ථානගත කර ඇත.

‘Travel Off Path’ ලොව ප්‍රමුඛ සංචාරක පුවත් මූලාශ්‍රයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, ගෝලීය සංචාරකයින් උදෙසා වඩාත් නිවැරදි සහ කාලෝචිත තොරතුරු ලබාදෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!