වෛද්‍යවරු හැර සමස්ත සෞඛ්‍ය සේවයම වර්ජනයකට සැරසෙති

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා ඉහළ දැමීමට ගත් තීරණයට විරුද්ධත්වය දැක්වීමට සහ සියළු සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 35,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක සෞඛ්‍ය සේවකයින් රජයේ රෝහල් වල අද වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

රජය විසින් පරිපූරක සෞඛ්‍ය සේවකයින් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව අද උදෑසන සිට මෙම සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත . සෞඛ්‍ය සේවයේ 140,000 කට ආසන්න සේවක සංඛ්‍යාවෙන් 26,000 ක් පමණක් වෛද්‍යවරුන් වන අතර අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය, හෙද, කනිෂ්ඨ කාර්‍ය මණඩළ ආදී ලෙස තවත් විශාල පිරිසක් සෞඛ්‍ය සේවයට දායක වෙති ඒ සියල්ල අත් හැර වෛද්‍යවරුනට පමණක් ”ආර්ථික යුක්තිය” ඉටු කරන්නට ආණ්ඩුව උත්සහ ගැනීම නිසා තමන් අනිවාර්යයෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයනට එළබෙන බව ඔහු පැවසීය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!