වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධතාවයක

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද (30) දහවල් උද්ඝෝෂණයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. ඒ, වෛද්‍යවරුන්ට වැඩි කළ DAT දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමිනි.

ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා පැවසුවේ, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, කළමනාකරණ සේවා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස් ඊට එක් වන බවයි.

කාර්ය මණ්ඩල සේවකයන්ගේ දීමනාව ජනවාරි 30 වන දින වන විට රුපියල් 8000කින් වැඩි කර දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැමිපිටියේ සුගතානන්ද හිමි ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ ලිපියක්ද භාර දුන් බව ද වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!