වෛද්‍යවරුන්ගේ වෘත්තීය ප්‍රමිතිය අනුව ගෙවනා දීමනා සෙසු අය ඉල්ලිම සාධාරණ නෑ

සෞඛ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලැබිය යුතු බව පිළිගන්න නමුත්, සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩිවීම මේ අවස්ථාවේදී සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

වෛද්‍යවරුන් සඳහා වන DAT දීමනාව පමණක් රුපියල් 35,000කින් වැඩි කිරීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ සිට සංඛේත වර්ජනයක් දි‍යත්කර ඇත .

මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අවධානය යොමු වී ඇත්තේ සෞඛ්‍ය සේවා ඵලදායි සහ නිසි පරිදි සාමාන්‍ය ජනතාව වෙත ලබාදීම සහතික කිරීම බවයි.

“ඊට අමතරව, සෞඛ්‍ය සේවකයින්ට පහසුකම් සැලසීමට ද අපි සහතික වෙනවා. නමුත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය ප්‍රමිතීන්ට අනුව දීමනාව ගෙවන නිසා වෘත්තීය සමිති මේ වනවිට නගන දුක්ගැනවිල්ල සාධාරණ නැහැ,” ඔහු පෙන්වා දුන්නේය.

“එපමනක් නොව, නිත්‍ය සෞඛ්‍ය සේවකයින් වෛද්‍යවරුන්ට ලබා දී ඇති ආකාරයට සමාන වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින්නේ නම්, එය සාධාරණ ඉල්ලීමක් ලෙස නොසැලකිය හැකිය,” ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේ වුවද, නියමිත කාලය තුළ සියලුම සෞඛ්‍ය සේවකයින්ට සාධාරණ වැටුප් වැඩිවීමක් නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!