වෛද්‍යවරුන්ගේ දීමනාවක් ඉල්ලා සෙසු සෞඛ්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙති.

ජනවාරි 16 අඟහරුවාදා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෛද්‍ය නොවන සියළු සේවකයන් දීප ව්‍යප්ත වැඩවර්ජනයකට සූදානම් වන බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි . මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 27ක් සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ.

වර්ජනයේ මූලික ඉල්ලීම වී ඇත්තේ වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability, and Transport (DAT) දීමනාව සෙසු සෞඛ්‍ය සේවකයන්ටද ලබාදෙන ලෙස ඉල්ලීමය. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල්35,000 සිට 70,000 දක්වා ඉහළ දැමීමට තම අප්‍රසාදය පලකරනා බව ඕවුහු පවසති.

පරිපූරක වෛද්‍ය සහ පරිපූරක සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති විසින් දියත් කරන ලද සංකේත වැඩවර්ජන මාලාවක් හේතුවෙන් සෞඛ්‍ය සේවා පසුගිය සතියේ දින දෙකක් අඩාල විය.

DAT දිමනාව යනු වෛද්‍ය වෘතිකයන් සඳහාම වන දීමනාවක් වන අතර, එම දීමනාව වැඩි කර ගැනිම සඳහා වෛද්‍ය සංගම් රජය සමග වසර හයකට ආසන්න කාලයක් සාකච්චා පැවැත්වීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!