වෛද්‍යවරුන්ගේ දිමනාව සුළු සේවකයෝත් ඉල්ලති. රෝහල්වලට හමුදා ආරක්ෂාව.

වෛද්‍යවරුන්ට ලබා දී ඇති රුපියල් තිස්පන්දහසක ප්‍රවාහන දීමනාව තමන්ටත් ලබා දෙන ලෙස ඉල්ලමින් රට පුරා රෝහල්වල සුළු සේවක වෘත්ත සමිති විසින් වැඩ වර්ජනයක්ර ආශ්ම්භ කර තිබේ .

මෙම දීමනාව කලක සිට වෛද්‍යවරුනට ලබාදුන් අතර පසුගිය සඳුදා කැබිනට් තීරණයකින් එම දීමනාව රුපියල් 70,000 දවා වැඩි කරනා ලදි.

වර්ජන තත්ත්වය නිසා රෝහල් ආශ්‍රිතව නොසන්සුන් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර, රෝහල්වල කටයුතු බාධාවකින් තොර පවත්වාගෙන යාමට යුද හමුදා භට පිරිස් කැඳවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යුධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම පිරිස් යොදවා ඇති බවත් අවශ්‍යතාවය මත තවත් භට පිරිස් යෙදවීමට සූදානම් බවත් යුධ හමුදාව පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!