වෛද්‍යවරියක් අතපත ගෑ වෛද්‍යවරයා අත් අඩංගුවට

රාජකාරියේ යෙදීසිටි තරුණ වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක් කළබව පැවසෙන අරණායක දිසා රෝහලේ වෛද්‍යවරයකු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව අරනායක පොලිසිය පවසයි. සැකකාර වෛද්‍යවරයා 45 හැවිරිදි වියේ පසුවන අතර වින්දිත වෛද්‍යවරිය 28 වන වියේ පසු වෙයි .

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අද පස්වරුවේ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

වින්දිත වෛද්‍යවරියගේ පියාගේ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකාර වෛද්‍යවරයා තමන් රාජකාරියේ යෙදී සිටියදී අනිසි ලෙස ස්පර්ශ කළ බවට වින්දිත වෛද්‍යවරිය චෝදනා කරන්නීය. සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අදාළ වෛද්‍යවරිය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!