වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්නට තායිලන්ත අගමැති ශ්‍රි ලංකාවට පැමිණේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කිරීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනා බව තායිලන්ත වාණිජ අමාත්‍යාංශය නිවේදනය කරයි .

එරට වාණිජ අමාත්‍යංශයේ වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Chotima Iemsawasdikul ඊයේ මාධ්‍ය වෙත කියා සිටියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දෙසැම්බ දෙසැම්බර් 18-20 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති සාකච්චාවේදී පැමිණි එකඟතාවයනට අනුව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවය.

ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනයකට අනුව ලබන පෙබරවාරි මාසයේ දී ගිවිසුම අත්සන් කිරීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!