වී අලවි මණ්ඩළය වී මිලදී ගැනීම නතර කරයි.

වී මිලදී ගැනීම මෙම වසරේදී වී අලෙවි මණ්ඩලයෙන් සිදු නොකරන බවද එය මෙම වසරේදී මුදල් අමාත්‍යාංශය හරහා සිදු කරන බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අද පාර්ලිමේන්තුවේදී පැවසීය . ඊට අමතරව කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට අඩු පොලියට ණය ලබා දීමෙන් ඒ හරහා වී මිලදී ගැනීමක් සිදු කිරීමට සූදානම් වන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පොහොර සඳහා මෙම කන්නය වෙනුවෙන් රුපියල් බිලියන 6ක් ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති අතර අද දිනයේදීත් (09) තවත් රුපියල් බිලියන 3 ක් මුදලක් ගොවීන්ට ලබා දීමට වෙන් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම කටයුතු සිදු කිරීම යම් ප්‍රමාදයක් සිදු වූවද පොහොර සහනාධාරය සඳහා කන්නයකට වැයවන රුපියල් මිලියන 12000ක මුදල අනිවාර්යයෙන් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!