විසුම්පාය ඇතුළු ගොඩනැගිලි රැසක් පෞද්ගලික අංශයට.

කොළඹ වාණිජ නගර මධ්‍යයේ පිහිටි විසුම්පාය ඇතුළු රජය සතු ගොඩනැගිලි කිහිපයක් බදු පදනම යටතේ පෞද්ගලික අංශයට කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇතිබව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද පැවසීය . මීට අමතරව නුවරඑළියේ පිහිටි තවත් රජයේ ගොඩනැගිල්ලක් ද බදු පදනම මත ලබා දීමට නියමිතය.

ඒ අනුව කොටුවේ ගෆූර් ගොඩනැගිල්ල ,තේ කෞතුකාගාර ගොඩනැගිල්ල සහ ඩී.ආර්.විජේවර්ධන මාවතෙ පිහිටි අක්කර 03ක ඉඩම් දෙකක් ද ආයෝජකයන් කිහිප දෙනෙකුට බදු පදනමින් ලබාදීමට නියමිත බව වාර්තා වේ . ඒ සඳහා වන මූලික එකඟතාවයන් මේ වනවිටත් ඇතිකර ගෙන අවසන් බව ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ගොඩනැගිලි සහ ඉඩම් සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස සංවර්ධනය කර ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් එම ගොඩනැගිලි වල පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානියක් නොවන ලෙස පෞද්ගලික අංශයේ සේවා සඳහා ලබා දීමට නියමිත බවත් වාර්තා වේ.

යූනියන් ප්‍රදෙසේ පිහිටි විසුම්පාය ගොඩනැගිල්ල හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ,හිටපු අග්‍රාමාත්‍ය දීමූජයරත්න ,අනුරුද්ධ රත්වත්තේ ,ලක්ෂ්මන් කදිරගාමර් ,මංගල සමරවීර සහ මහාචාර්ය ජී.එල්.පීරිස් යන අමාත්‍යවරුන් සිය නිල නිවාස ලෙස භාවිතා කර තිබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!