විරෝධය නොතකා නුවරඑළිය තැපැල් කාර්යාලය බදුදෙයි

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි . ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කිරීමට නියමිතය .

කළේ තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!