විරාත් කෝලි ක්‍රිකට්වලින් ඈත්වෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත.

ඔහු සිය ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති අතර, එම කාලය තුළ කෝලි බොහෝදුරට විවේකයක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක ගන්වා ඇත.

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එවන් පසුබිමකය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට කෝලි තමන්ව විවේක ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 සිට නැවත සිය කණ්ඩායම සමග එක්වන බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!