විදුලි ගාස්තු අඩුකිරීම තව දුරටත් කල්යන ලකුණු.

2023 දෙසැම්බරයෙන් අවසන් වන වසර තුළ ජලවිදුලිය මගින් විදුලි ජනනයෙන් උපයගත් ලාභය සලකා බැලීමෙන් අනතුරුව, ගාස්තු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නියම කර ඇත .

ඒ අනුව 2024 ජනවාරි සිට මාර්තු දක්වා ලංවිම අවසාන පරිශීලක සහ තොග සැපයුම් ගාස්තු යෝජනා 2024 ජනවාරි 16 වැනි දින මහජන උපයෝගිතා කොමිසම වෙත ලැබී ඇත. ඊට අදාලව කොමිෂන් සභාව ලංවිමෙන් යම් යම් පැහැදිලි කිරීම් ඉල්ලා තිබුණද එම තොරතුරු තවමත් ලැබී නොමැත.

යෝජිත ගාස්තු ව්‍යුහය සහ ඒ ආශ්‍රිත පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30(3) වගන්තිය යටතේ අවශ්‍ය පරිදි පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමට කොමිෂන් සභාව අපේක්ෂා කරයි. ගාස්තු සංශෝධනය කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කිරීම සඳහා මෙම තොරතුරු අවශ්‍ය බව කොමිසම සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!